මම මගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා – තාත්තෙක් කරපු අහස පොළොව නුහුලන අපරාධය

අඹතලේ වෑකන්ද පාරේ නිවසකදී පියෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපා සිය පුතු ඝාතනය කළ සිදුවීමක් ඊයේ වාර්තා වී තිබුණා.

එම ඝාතනය සිදුකර තිබුණේ එම නිවසේ පැවති මත්පැන් සාදයක් අතරතුරයි.
සැකකාර පියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුනේ මෙලෙසින්.


“මම මගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. ඇයත් සමඟ මම ලිංගිකව එකතුවෙනවා මගේ පුතා දැක්කා. පසුව මම පුතාගේ බිරිඳත් එක්ක නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගියා. අවුරුදු 10 ක විතර කාලයක් අපි එකට පවුල් කනවා. මගේ පුතාගෙන් එයාට දරුවෙකුත් ඉන්නවා. මගෙනුත් එයාට දරුවෙක් ඉන්නවා. මේ අතර, මගේ පුතා වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙලා තිබුණා. ඒත් එයත් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන දැන් ඒ බිරිඳ විදේශගත වෙලා. පස්සේ පුතා එයාගේ පළමු බිරිඳ වන දැන් මගේ බිරිඳට ඇමතුමක් දීලා කියලා තියෙනවා මම අලුතින් ගෙයක් හැදුවා, ඒකට ලබන 14 වැනිදා පදිංචියට යනව, පවුල් ප්‍රශ්න අමතක කරලා එන්න. අපි එකට ජීවත්වෙමු කියලා. මගේ බිරිඳත් ඒකට කැමති වෙලා. ඒක මට දරාගන්න බැරි වුණා. මම මෝදර කෝවිලට ගිහින් දෙවියන්ට කන්නලව් කරලා පොල් ගැහුවා මගේ පුතාගේ දෙවැනි බිරිඳ ලංකාවට ගෙනත් දෙන්න කියලා.

පස්සේ මම එන ගමන් අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදර ආවා. එතකොට මගේ පුතා යහළුවෙක් එක්ක මත්පැන් බොනවා. මමත් ඒ අයත් එක්ක බිව්වා. පුතාට වැඩි වුණා. පස්සේ අලුත් නිවසේම පැදුරක් දාලා එයා නිදිකෙරෙව්වා. එයාගේ පළමු බිරිඳ වන මගේ වත්මන් බිරිඳ යළිත් එයත් එක්ක පවුල් කන්න යන එක ගැන මට ක්‍රෝධයක් ඇති වුණා. මම එයා ගෙනත් තිබුණ අලුත් මන්නයකින් එයාගේ බෙල්ල වෙන්වෙන්නම කැපුවා “
සැකකාර පියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *