දළදා වන්දනාව පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින් චීවරයක් පැලැඳ භික්ෂු වේශයකින් පැමිණි පාසල් සිසුවකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවැල, තිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි වේරහැර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවකු බව මහනුවර පොලිසිය සඳහන් කළේය.