අයහපත් කාලගුණයෙන් සිදු වූ හානි තක්සේරුව ලෝක බැංකුව හරහා ඇරඹෙයි – මූලික වාර්තාව සති දෙකකින්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අලාභ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඒ අනුව, ලෝක බැංකුව හරහා අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, සති දෙකක් තුළ මූලික වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *