හුණ්ඩුවේ ජනාධිපති කියනවා මේක රටක් නෙවේ හුණ්ඩුවක්ලු, ලැජ්ජා වෙන්න ඕනේ – දයාසිරි ජයසේකර

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මාස තුනක් ගතවීත් තවමත් විසඳුම් සොයා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යැයි ප්‍රකාශ කරමින් ආණ්ඩුව හදිසි නීතිය දැමුව ද, එයින් කිසිදු දෙයක් සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවයි අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එසේම, මෙය ‘රටක් නොව හුණ්ඩුවක්’ බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලැජ්ජා විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *