පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අද වන විට හෑල්ලුවට ලක්කර බලු තත්ත්වයට පත් කර නන්නත්තාර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසනවා. මන්ත්රීවරයෙකුට යම් වරප්රසාදයක් තිබිය යුතු බවට වන මතයේ තමන් සිටින බවත් ජනතාව එරෙහි වූයේ ප්රමාණය ඉක්මවා වරප්රසාද භුක්තිවිඳීමට බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් මන්ත්රීවරයා කියා සිටියා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ, මෙම යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර ද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්රීවරුන් සඳහා බලනොපාන බවයි. පළමුවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන්ට මෙම යෝජනාව බලපාන බව සඳහන් කළා.