2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලෙයාස් ඊයේ (22) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය යාම හේතුවෙන් ඔහුගේ නාම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වනවාද යන්න කල විමසීමකදිය.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බවය.
එම නිසා ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අතර ඔහු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කලහොත් හැකියාව පවතින බව සමන් ශ්‍රී රත්නායක කියා සිටියා.