යුරෝපා සංගමයට අයත් රටවලට සිදුකරන අපනයන සදහා ලංකාවට ලැබී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය මේ වසරේ දෙසැම්බරයේ දී කල් ඉකුත් වීමට නියමිත අතර, තවදුරටත් එම බදු සහනය ලංකාවට ලබා ගැනීම සදහා සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගෙන් ඉල්ලා තිබේ.
ඒ ඉන්දියානු සංචාරය අතර තුර දෙරට නායකයක් පැවැත් වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ දී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම පිළිගෙන තිබෙන ප්‍රංශ ජනාධිපතිවරයා, ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවදුරටත් ලබා ගැනීම සදහා ලංකාවට සහාය වන බවට පොරොන්දු වී තිබේ.