දෙහිබාලේ මල්ලීගේ කෝටි 25ක දේපොළ තහනම් කරයි

විදේශග තව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව‍්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල  තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා ඇතුළු නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම දේපළ තහනම සිදු කර ඇත.

ඒ අනුව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්‍යාලය අසල ඇති කෝටි 5 ක් පමණ වටිනා නිවස සහ ඉඩමද, ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) ධීවර ටෝලර් යාත්‍රා පහක් දික්වැල්ල ධීවර වරායේ නැංගුම්ලා තිබියදි මෙලෙස තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *