බලාගෙනයි – ඩෙංගු වැළඳී සරසවි සිසුවියක් මිය යයි

උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර අධ්‍යාපනය ලැබූ ගුණරත්නම් සුබීනා නමැති සිසුවියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඩෙංගු උණ රෝගය වැලඳුන සිසුවිය යාපනය තෙලිප්පලෙයි රෝහලට පළමුව ඇතුළත් කොට ඇත.

එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකොට ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයකින් ඇය මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

යාපනය රෝහල තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්ව ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *