කැප්සායිසින් මට්ටම විෂ සහිත නිසා රාමේන් නූඩ්ල්ස් ඩෙන්මාර්කය තහනම් කරයි


රාමේන් නූඩ්ල්ස්වල කැප්සායිසින් මට්ටම පාරිභෝගිකයින්ට විෂ විය හැකි බැවින් ඩෙන්මාර්කය විසින් රාමේන් නූඩ්ල්ස් නිෂ්පාදන කිහිපයක් ප්‍රතික්ෂේප කර නැවත කොරියාව වෙත යවා තිබෙනවා.

ඩෙන්මාර්කයේ පාරිභෝගිකයින්ට මේ පිළිබඳව අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර මෙම නිෂ්පාදන අතහැර දමන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම අධික කුළුබඩු සහිත ආහාර දරුවන්ට හානියක් විය හැකි බවයි ඩෙන්මාර්කය අනතුරු අඟවා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම රාමේන් නිෂ්පාදන සමාගම පවසන්නේ ආහාරවල ගුණාත්මක භාවය පිළිබඳ කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

විදෙස් මාධ්‍ය වෙත එම ආයතනය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“ඩෙන්මාර්ක් ආහාර අධිකාරිය නිෂ්පාදන නැවත කැඳවූයේ ඒවායේ ගුණාත්මක භාවයේ ගැටලුවක් නිසා නොව ඒවා සැර වැඩි නිසායි. එමෙන්ම මෙම නිෂ්පාදන ගෝලීය වශයෙන් අපනයනය කරනවා. නමුත් ඉහත හේතුව නිසා ඒවා ආපසු කැඳවන ලද පළමු අවස්ථාව මෙයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *