ජනතාවට වින කළ පොලිස්පති ජන වරමේ බලයෙන් ඉවත් කරනවා – නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර

ජනතාවට වින කළ පොලිස්පතිවරයා ජනවරමේ බලය පාවිච්චි කරමින් ඉවත් කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

මේ වන විට එහි මූලික පියවර තබා ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා ඕනෑවටත් වඩා කරුණු පවතින බව සඳහන් කළේය.

මෙවැනි දූෂිත  නිලධාරීන් තවදුරටත් තබාගත යුතු නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

දේශබඳු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව කථානායකවරයාට බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *