දේශබන්දු තෙන්නකෝන්ව බෝගම්බර ආරක්ෂිත කුටියකට යවයි

ලබන 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කල අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නුවර දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව ලබන අප්‍රේල් මස 03 වැනි දින දේශබන්ධු තෙන්නකෝන් මහතා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කරන තෙක් ඔහු එම බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත කුටියක රදවා තැබීමට තීරණය කර ඇත.

අවි සහිත බන්ධනාගාර නිලධාරීන් සහිත බන්ධනාගාර බස් දෙකකින් පොලිස් ආරක්ෂාව ද සහිතව සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතා මාතර කොටවිල පිහිටි අධිකරණයේ සිට බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

සැකකාර පොලිස්පතිවරයා ආරක්ෂා සහිතව ප්‍රවාහනය කරන ලෙසත් ඔහුට බන්ධනාගාරය තුල විශේෂ ආරකාෂාවක් සහිතව රදවා තබන ලෙසත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (20) සහ ඊයේ (19) යන දෙදිනම මාතර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කලේය.

ෙසැකකාර පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුම සිදු කරන කාලයේ දෙස් විදෙස් අපරාධකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන නිසාවෙන් ඔහුගේ ආරක්ෂාව තර කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට අමතරව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිඅංඉ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද සැකකාර පොලිස්පතිවරයාට විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර ගත කිරීමට විරුද්ධත්වයක් නොමැති බවද දන්වා තිබුණේය.

ඒ අනුව බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් පරිදි පරිදි සැකකාර පොලිස්පතිවරයා බෝගම්බර බන්ධනාගාරයේ රදවා තැබීමට තීරණය විය.

ඊයේ (19) සිට අද දහවල් 12.00 පමණ වන තෙක් ඔහු රදවා තබා තිබුණේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *