අල්ලස් කොමිසම සහ සී.අයි.ඩීය දේශබන්දුගේ වත්කම් පිළිබදව විමර්ශන අරඹයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් පිළිබදව විමර්ශන අරඹා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී සොයා ගන්නා ලද දැවැන්ත විදේශීය මත්පැන් තොගය සහ හැම්පර්ස් තොගය ඔහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වී තිබේ. 

ඊට සමගාමී ව, දේශබන්දු තෙන්නකෝන් ඔහුට අයත් බව කියන වත්කම් අත්පත් කර ගැනීමේ දී මුදල් විශුද්ධිකරණයට අදාල වරදක් සිදු කර තිබේද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් අරඹා තිබේ. 

කෙසේ වෙතත්, දේශබන්දු තෙන්නකෝන් සත-ු බව කියන වත්කම් බොහෝමයක් ඔහුගේ නමින් ලියාපදිංචි කර නොමැති බව විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගිය දා අධිකරණය හමුවේ පවසා සිටියේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *