දේශබන්දුගේ වැටුප ඇතුළු සියළු වරප්‍රසාද ඉවත් කරයි

සැගවී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනටත් භුක්තිවිදින, නිල නිවස, නිල මෝටර් රථය, වැටුප, අට දෙනෙකු-ගෙන් යුත- ආරක්ෂක බල ඇණිය ආදී සියළු වරප්‍රසාද ඔහුගෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.

වැලිගම හෝටලයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇතත්, මෙතෙක් ඔහු සිටින තැනක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇත.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබුණේ පෙබරවාරි මාසයේ 28 වන දා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *