දේශබන්දු තෙන්නකෝන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි


වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතිඥවරුන් විශාල පිරිසක් සමඟයි.

ඒ එම නියෝගය නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

එමෙන්ම, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වන මිල්රෝයි පෙරේරා යන අය අයට ඊයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *