ධම්මික පෙරේරා සහ මෛත්‍රී රහසිගත හමුවක් – දේශපාලනය කැළඹෙයි

දැනට දින කිහිපයකට පෙර ධම්මික පෙරේරාත්, ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අතර කොළඹදී රහස් හමුවක් පවත්වා තිබෙන බවට තොරතුරු අනාවරණය වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් අතර දේශපාලන වශයෙන් කැලඹිලි ස්වභාවයක් මතුව තිබෙන බව වාර්තා වේ.

මෛත්‍රීගේ මේ හමුව ගැන පක්ෂයේ ලේකම් ඇතුළු දේශපාලන මණ්ඩලයේ කිසිවෙකු දැනුවත් නැති බව ද දේශපාලන මණ්ඩල සභිකයෙක් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව සමග දේශපාලන ගමනක් නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන් ම මෛත්‍රීවරු ප්‍රකාශ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *