ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට තීරණය කරයි

හිටපු රාජ්‍ය ඇමතිනේ ඩයනා ගමගේ කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිදුවීමට අදාළ සැකකාරියක ලෙස ඇය නම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඇය පදිංචි ස්ථානයන් වෙත ගියද සැකකාරිය නොසිටි බවද ඔවුන් අධිකරණය දැනුම් දී ඇත.

මේ වන විටත් ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *