දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන ක්‍රමය සොයා ගනියි

දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 

මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය. 

මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත.

One thought on “දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන ක්‍රමය සොයා ගනියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *