ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නෑ – දිලිත් ජයවීර කියයි

ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පහුගිය ආණ්ඩුවලට වඩා ව්‍යාපාර කරගන්න ගියාම කරදර අඩු යැයි අද රටේ ප්‍රධාන  ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අතර මතයක් තියෙනවා.අප ඒක අගය කරන්න ඕන.වෙනදා දේශපාලකයන්ගේ පස්සෙන් යන්න අවශ්‍ය යැයි විවේචනයක් තිබුණා.දැන් ඒක අඩු වෙලා තියෙනවා.

ඒ වගේම ආණ්ඩුවේ අදූෂිත  බව  පිළිබඳව ප්‍රතිවෘත්තාව කැඩී තිබෙනවා.දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.එම චෝදනා වල බැලූ බැල්මට සත්‍යයක්  තිබෙන බව පෙනෙන්නට තිබෙනවා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *