ඩයනා ගමගේ මන්ත්‍රී ධුරයෙන් නෙරපනවාද නැද්ද ? තීන්දුව අද

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් වීම හේතුවෙන් ඩයනා ගමගේ ට මන්ත්‍රී දූරයක් දැරීමේ හැකියාවක් නැති බව පවසමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ගොනු කර තිබුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි අභියාචනයක් ගොනු කළේ ය.

අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඊට අදාල තීන්දුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *