ආබාධ සහිත පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක් ලබා දෙයි

මෙරට වෙසෙන මිලි­යන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජා­වගේ සුබ­සා­ධ­නය හා ඔවුන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම වෙනු­වෙන් මෙවර අය-වැයෙන් බිලි­යන ගණ­නක මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර තිබේ.

අාබාධ සහිත පුද්ග­ල­යන් 140,000කට පමණ අස්වැ­සුම සුබ­සා­ධන වැඩ­ස­ට­හන යටතේ රුපි­යල් 10,000 බැගින් වූ මාසික සහ­නා­ධා­ර­යක් දීමට මේ වන විටත් රුපි­යල් මිලි­යන 19,000ක ප්‍රති­පා­දන දැන­ට­මත් රජය වෙන් කර ඇත. එමෙන්ම ඔටි­සම් තත්ත්ව­යෙන් පෙළෙන දරු­වන් වෙනු­වෙන් දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන ඉදි­කි­රීමේ කට­යුතු සෞඛ්‍ය අමා­ත්‍යං­ශයේ සහ සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ අඛ­ණ්ඩව සිදු කිරී­මට රුපි­යල් බිලි­ය­න­ය­කට ආසන්න මුද­ලක් වෙන් කර ඇත. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ මිලි­යන 100ක් සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ මිලි­යන 447ක් මේ සඳහා වෙන් කර ඇති අතර අම­තර ප්‍රති­පා­ද­න­යක් ලෙස තවත් රුපි­යල් මිලි­යන 500ක් 2026 අය-වැයෙන් වෙන් කර තිබේ. මීට අම­ත­රව ඔවුන් වෙනු­වෙන් ප්‍රවේ­ශ්‍යතා රෙගු­ලාසි පිළි­බඳ පව­තින ගැසට් පත්‍රය අන්ත­ර්ජා­තික ප්‍රමි­තීන්ට අනු­කූ­ලව වන පරිදි සංශෝ­ධ­නය කිරීම රජයේ ප්‍රමු­ඛ­තා­වක් ලෙස සල­කන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන ලද 2026 වසරේ අය-වැය යෝජනා ඉදි­රි­පත් කර­මින් පැව­සු­වේය.

රජ්‍ය අංශයේ රැකි­යා­ව­ලින් සිය­යට 3ක් නිල වශ­යෙන් ආබාධ සහිත පුද්ග­ල­යන්ට වෙන් කර ඇතත් එය මෙතෙක් නිසි ලෙස ක්‍රියා­ත්මක නොවුණු අතර ඉදි­රි­යේදී සියලු රාජ්‍ය සේවයේ බඳවා ගැනී­ම්ව­ලදී මේ සිය­යට 3 බඳවා ගැනී­මට අය-වැය මඟින් යෝජනා කර ඇත.

ආබාධ සහිත පුද්ග­ල­යන් පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක් සඳහා යොදවා ගන්නේ නම් රුපි­යල් 15,000ක උප­රි­ම­ය­කට යටත්ව සේව­ක­යන්ගේ වැටු­පෙන් සිය­යට 50ක වැටුප් සහ­නා­ධා­ර­යක් අවු­රුදු 2ක කාල­යක් දක්වා ගෙවී­ම­ටද අය-වැයෙන් යෝජනා කර ඇත. ඒ සඳහා රුපි­යල් මිලි­යන 500ක්ද වෙන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *