මල්වත්තාවෙල පාසලේ දිසර මන්තික දිය නාද්දී හමුවූ මුදල් පසුම්බිය අහුලා අයිතිකරුට භාර දෙයි

රන්දෙණිය ප්‍රදේශයෙන් ගලායන කිරිඳිඔයේ පසුගිය දිනක දියනාමින් සිටි පාසල් ශිෂ්‍යයකුට හමුවූ මුදල් පසුම්බියක් අයිතිකරුට භාරදීමේ සිද්ධියක් වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

වැල්ලවාය මල්වත්තාවෙල ජාතික පාසලේ නව වන වසරේ ඉගෙනුම ලබන එල්. ඒ. දිසර මන්තික දරුවා කිරිඳිඔයේ දියනාමින් සිටියදී ඔයේ පතුලේ තිබූ කිසියම් දෙයක් පාදයේ පැටලී ඇත. එය රැගෙන බලන විටදී මුදල් පසුම්බියක් බව හඳුනාගෙන තිබේ. පසුව දරුවා එය පරීක්ෂා කිරීමේදී එහි මුදල් ඇතුළු ලියකියවිලි තිබෙනු දැක ඇත. පසුව ළමයා විසින් එම පසුම්බිය මවට දී තිබේ.

එය පරීක්ෂා කිරීමේදී රුපියල් පනස්දහසක් සහ හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ බැංකු කාඩ්පත් ඇතුළු ලියකියවිලි රැසක් තිබී ඇත. පසුව එහි තිබූ දුරකථන අංකයකට ඇමතුමක් ලබාදී මුදල් පසුම්බියේ හිමිකරු වන කොළඹ ප්‍රදේශයේ සිට මඩොල්සිම ප්‍රදේශයේ දරුවන්ට පොත්පත් බෙදීමට පැමිණ සිට පසුම්බිය නැතිවූ එහි අයිතිකරු වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *