ආපදවා ගැන දවස් දෙකක විවාදයක් දයාසිරි ජයසේකර ඉල්ලයි

රටේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ  කළේය

මේ සම්බන්ධයෙන් ලබන සඳුදා(01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බව පැවසූ මන්ත්‍රීවරයා  ඉන්පසුව ඒ ගැන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර  කථානායකවරයාද දැනුවත් කර ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී ඉතා කඩිනමින්ම දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බව   සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *