ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් එයි

ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි.

ඒ අනුව 1971 දුරකතන අංකය ඇමතීමෙන්, ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කළ යුතු වේ.

දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ, ලබන 15 වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *