වාහනවල ඉදිරිපස වීදුරුවේ අලවා ඇති ලෝයර්, දොස්තර ස්ටිකර් තහනම් – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි

රථ වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් පුද්ගලයින් අවශ්‍යතාව නොදැනෙන තම තත්ත්වය සමාජයට පෙන්වීමට එම ස්ටිකර් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ඇලවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බව සඳහන් කරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනතුර තානාන්තරය පෙන්වීමට වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමට ඉදියේ දී පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *