වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්

අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු එළඹෙන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අරනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හතළිස් පස් හැවිදි කමල් ධර්මවංශ නම් වෛද්‍යවරයෙකි.

කුත් හයවෙනිදා රෝහල් කාමරයකදී 28 හැවිරිදි මෙම අවිවාහක වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම වෛද්‍යවරයා දේශපාලන පක්‍ෂයක සංවිධාකයකු ලෙසද කටයුතු කරයි.

source – lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *