විවිධ හේතූන් නිසා මෙරටින් පිටව ගිය වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් නැවත මෙරටට පැමිණීමේ ප්රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.
රට යම්කිසි ස්ථාවරත්වයකට පැමිණීම, මෙරට නිදහස අන් රටවල නොමැතිවීම, ලංකාවට තිබෙන ආදරය යනාදී කරුණු හේතු කරගෙන මෙම පිරිස නැවත මෙරටට පැමිණෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන් විදේශයන්හි පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් මෙරටට නොපැමිණීමේ ප්රවනතාවක් පසුගිය කාලය තුළ පැවතිය ද, එම තත්ත්වය දැන් වෙනස්ව ඔවුන් මෙරට පැමිණෙන බව ද හෙතෙම කීය.