වෛද්‍යවරුන්ගේ වැටුප් ඉහළ දමන්න යයි

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු වැටුප් සහ වෙනත් වෘත්තිමය ගැටලු නිසා පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 330ක් පමණ විදේශගත වී ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙයින් වෛද්‍යවරුන් 30 දෙනෙක් පමණ විශේෂඥ වෛද්‍යවරු වෙති. ඉතිරි 300 දෙනා විශේෂඥයන් නොවන සෙසු වෛද්‍යවරුන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මේ නිසා දැනට වෛද්‍යවරුන්ට ගෙවන වැටුප් ඉහළ දැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යෝජනාවක් සකස් කර තිබේ. දේශයට ලැබුණු ආරංචි මාර්ග අනුව මුලින්ම සේවයට බැඳෙන වෛද්‍යවරයකුගේ වත්මන් වැටුප මසකට රු. 54,000ක් පමණය. එය රු. 75,000ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇතැයි සඳහන්ය.

ඒ අතර දැනට වෛද්‍ය උපාධිය සමත්ව රැකියා අපේක්ෂාවෙන් 1200ක් පමණ පොරොත්තු ලේඛනවල රැඳී සිටිති. එසේම විදේශීය සරසවිවල වෛද්‍ය උපාධිය හදාරා ඊට අදාළව මෙරට පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ විභාගයට පෙනී සිටීම සඳහා වෛද්‍ය උපාධිධාරීන් තවත් 2000ක් පමණ සිටින බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *