උණ – කැස්ස – සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන් පාසලේදී වෙහෙස වුණොත් හදවතට අවදානම්! – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

වෛරස් උණ (ඉන්ෆ්ලුවෙන්සා) සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැලඳී ඇති දරුවන් පාසල් ගොස් ක්‍රීඩා කර වෙහෙසට පත්වීමෙන් ඔවුන්ගේ හෘදය වස්තුවට දැඩි බලපෑම් එල්ල විය හැකි බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින” ට ඊයේ (12දා) පැවැසීය.

මේ දිනවල දරුවන් වෛරස් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ඔවුන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත එවීමෙන් වළකින ලෙසත්, එවැනි දරුවන් හැකිතාක් නිවසේ විවේකීව තබන ලෙසත් ඒ මහතා සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

“මේ දිනවල දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තියෙනවා. එසේ තිබියදී ඇතැම් දෙමාපියන් දරුවන් පාසල් එවන බව දැනගන්න තියෙනවා. තමාගේ දරුවාට වෛරස් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තියෙනවා නම් පාසල් එවන්න එපා. අසනීප දරුවා පාසලට එව්වම අනිත් දරුවන්ට බෝ වෙනවා. ඊට පස්සේ මුළු පාසලේම දරුවන් අතරේ වෛරසය බෝවෙන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *