කැමරාවක් තියෙනවා කියලා දැක්කේ නෑ,ඒක කියවුනේ වැරදිලා – දොඩම්පහල රාහුල හිමි

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා.

එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් තමන්ට අත්වැරදීමකින් එම ප්‍රකාශය එදා සිදු කළ බවයි පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග එක්වෙමින් උන්වහන්සේ සඳහන් කරන්නේ.

“එදා ඒ වෙලාවේ ඒ වේගයත් එක්ක මට ගන්න නිදර්ශනයක් හරියටම ඔලුවට ආවෙ නෑ,

ඒ වගේ දෙයක් කියන්න තියා මට හමුවෙලාවක් නැහැ.

මට හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ,

කැමරාව කොහෙන් අල්ලගෙන හිටියද දන්නෙ නැහැ.

මම ඒ වෙලාවේ කැමරාවක් තියෙනවා දැක්කේ නැහැ,

ඒ වගේ දෙයක් කියන්න තියා මම කවදාවත් රනිල් සර් මුහුණට මුහුණ හමුවෙලාවත් නැහැ”

යයි ද එම වැඩසටහනේ දී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *