ආණ්ඩුව විසින් අයවැය හරහා විදුහල්පතිවරුන්ට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 144ක් පමණක් බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසනවා.
නමුත්, වීදි සුනඛයින් සඳහා පමණක් ආණ්ඩුව රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ.
විදුහල්පතිවරුන්ට රුපියල් 1,500ක් මෙවර අයවැය මඟින් පෙන්වා ඔවුන් රැවටීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.