රුපියල දුර්වල කරමින් ඩොලරය යළි ඉහළට යයි

එක්සත් ජනපද ඩොලරයේ අද (22) දින නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 302.00 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය මෙලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ 5 වන දිනයට වීම විශේෂත්වයකි.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 297.00 ක් හා විකුණුම් මිල රු. 306.45 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් 10 දින පැවසුවේ 2024 වසරේ අප්‍රේල් 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8.5කින් අතිප්‍රමාණය වී ඇති බවයි. කෙසේවෙතත් මෙම අතිප්‍රමාණය වීමේ අගය අප්‍රේල් 19 දින වන විට සියයට 7.5 ක් දක්වා පහළ බැස ඇති බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

Dollar 22.04.2024 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *