ලෝකප්‍රකට ජෝන්ස් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලයේ පිළිකා පර්යේෂණ අංශයේ ප්රධානත්වයට පත්වෙමින්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වන වෛද්‍ය අෂානි වීරරත්න මහත්මිය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්ව සිටින්නීය.
ඇය මේ වන විට ලොව භයානකම චර්ම පිළිකා විශේෂයක් වන ‘මෙලනෝමා’ (Melanoma) සහ වයස්ගත වීම පිළිකා කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණ මෙහෙයවන ප්රමුඛ පෙළේ විද්‍යාඥවරියකි.