වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීන්දු කරයි

පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්රියක් අපේක්ෂේකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුව ඔහුගේ වෛද්‍යවරයාගේ වැඩතහනම් කර තිබෙන බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් මේ බව වෛද්‍ය චමල් සංජීව වෙත පසුගිය සතියේ දී දැනුම් දී තිබෙනවා.

එම වැඩතහනම් කිරීමත් සමග ඔහුට දිවයිනෙන් බැහැරව යාමද තහනම් කර ඇති අතර, ඔහු සන්තකයේ රජයේ යම් බඩුබාහිරාදියක් වේ නම් කළුතර රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත භාර දෙන ලෙස ද දන්වා තිබෙනවා.

සෞඛ්‍ය සේවා කමිටුව විසින් අදාළ විමර්ශන වාර්තාව මෙයට සති දෙකකට පමණ පෙර නිකුත් කර ඇතැයි ද, ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 04 වැනි දින සිට වැඩ තහනමට ලක් කර ඇතැයි දවැඩි දුරටත් වාර්තා වෙනවා.

වෛද්‍ය් චමල් සංජීව සම්බන්ධයෙන් නුදුරේ දීම විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වනු ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *