අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා, සුලෝචනා හෙට්ටිආරච්චිට, දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂි විජේරත්නගේ දියණිය විසින් මරණ තර්ජන එල්ල කර තිබෙන බව වාර්තා වේ.
අද, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී මෙම මරණ තර්ජනය එල්ල වී ඇති අතර, ඒ බව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි, මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර තිබේ. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් පරිදි, ඈ, මෙම මරණ තර්ජනය පිළිබදව පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.