ශ්‍රි ලංකා ආර්ථිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් යථා තත්වයට – මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය වෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු Channel News Asia සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය මුලින් අපේක්ෂා කළාට වඩා වේගවත් බවයි.

අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් වසර 4-5ක් ගත වන නමුත්, ශ්‍රී ලංකාවට වසර 3ක් ඇතුළත එම මට්ටමට ළඟා වීමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නා. මෙම ප්‍රගතියත් සමඟ, ඉදිරි වසරක් තුළ රැකියා, දරිද්‍රතාවය අවම කිරීම, ආදායම් සහ ජීවන වියදම වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල අර්බුදයට පෙර පැවති තත්ත්වය ඉක්මවා යාමට හැකි වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා.

එමෙන්ම, ඉදිරි වසර 3-5ක් ඇතුළත ඉහළ ජීවන වියදමට සරිලන ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය පෙන්නුම් කරන බවයි ඔහුගේ අදහස.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *