“මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. වසර හැටකට වැඩි කාලයක් වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්”
දශක හයකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටුකළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධාන කළ, පෙබරවාරි 24 වැනිදා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවති “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය” උපහාර වැඩසටහනට එක්වෙමින්..


