ඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න ලිඛිතව දන්වා තිබේ.
රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතුහැර යන ලෙස නිවේදනය කරන්නේ එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.