ලෝකේටම 25 යි – රෝල්ස් රොයිස් පැන්ටම් රථය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ලංකාවට ගෙන්වයි

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් පසුගියදා මිලදී ගත් රෝල්ස් රොයිස් මෝටර් රථය පිළිබඳව මේ වන විට දෙස් විදෙස් අවධානය යොමුව තිබේ. ඔහු පවසන පරිදි මෙය රෝල්ස් රොයිස් සමාගමේ ශත සංවත්සරය (100th Anniversary) සැමරීම වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ලද ‘Phantom Centenary Edition’ වර්ගයේ රථයකි.

නිෂ්පාදනය කර ඇත්තේ රථ 25ක් පමණයි

මෙම සුවිශේෂී මාදිලියේ රථ ලොව පුරා අලෙවිය සඳහා නිෂ්පාදනය කර ඇත්තේ 25ක් පමණක් බව සිරිසේන මහතා පවසයි. සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත (Fully Upgraded) මෙම රථය තමා ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, එය තමාගේ ගමනට ශක්තියක් වූ සැමටත්, පොළොන්නරුවට මෙන්ම මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් බව ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *