රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඇති නියමයන් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 60 කට බලපෑම් ඇති වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ඩඩ්ලි හා රත්න යන ව්‍යාපාරික මහත්වරුන් හෙලිකොප්ටර් සහ සුපිරි මෝටර් රථ නවත්වාගෙන සිටින අතර, ගොවි මහතෙක් බයිසිකලයක් ලබා ගැනීමට සිහින දකිමින් සිටින කාටූනයක් අද පුවත්පත් වාර්තා කර තිබුණු බවත්, වත්මන් රජය විසින් සිදු කර ඇත්තේද එයම වන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.
අමුඩ අන්දවාගෙන ගොවි මහත්වරුන් කොළඹ ගෙන ආ පිරිස් මෙන්ම, සාමාන්‍ය පුද්ගලයන්ගේ ගැටලු කතා කළ පිරිස් ද අද නොමැති බවත්, ඔවුන් විදේශ සංචාර සඳහා ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.