ඩඩ්ලිගේ රෝල්ස් රොයිස් රථයට ලක්ෂ හත්සීයක දඩයක්, කිසිවෙක් නීතියට ඉහළින් නෑ – රේගුව කියයි

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් ගෙන්වන ලද රෝල්ස් රොයිස් මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ හත්සියයක අමතර දඩ මුදලක් අයකර ඇති බව ශ්‍රී ලංකා රේගුව උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙසේ රුපියල් ලක්ෂ හත්සියයක දඩ මුදලක් පැනවීමට හේතුව වී ඇත්තේ, එම මෝටර් රථය ගෙන්වා ඇති ආනයනකරුවා, මෝටර් රථය සම්බන්ධ සැබෑ තොරතුරු වසන්කර එය ගෙන්වා ඇති බැවිනි.

ආනයනයකරු, ඔහු ගෙන්වා තිබෙන රෝල්ස් රොයිස් මෝටර් රථයේ “මාදිලිය” සම්බන්ධයෙන් රේගු-ව නොමඟ යවන සුළු තොරතුරු ලබා දී ඇති අතර, ඒ බව තහවුරු කර ගැනීමෙන් පසුව රේගුව අදාල දඩය පනවා තිබේ.

ඒ අනුව, ඩඩ්ලි සිරිසේන මහතා වෙනුවෙන් ගෙන්වන ලද රෝල්ස් රොයිස් මෝටර් රථය රේගුවෙන් මුදාහැර ඇත්තේ නියමිත බදු සහ දඩ මුදල් අයකර ගැනීමෙන් පසුවයි.

මෙම මෝටර් රථය වෙනුවෙන් බදු සහ දඩ වශයෙන් රුපියල් ලක්ෂ 3700 ක මුදලක් රේගුව අයකරගෙන තිබේ.

ඩඩ්ලි සිරිසේන මහතා සැලකෙන්නේ ආණ්ඩුවේ හිතවතකු ලෙසයි.

නමුත් ඔහුට කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට කටයුතු කර නැති බව රේගුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *