ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි.මේ අතරම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාව නුවන් තුෂාර හෝ මහේෂ් තීක්ෂණ වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.
පසුගිය වර පරාජය වූ කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු පවසා තිබෙද්දී බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ ප්‍රකාශ කර තිබුණේ තම මුල් පෙල පිතිකරුවන්ගෙන් ගිලිහුනු වගකීම් මෙම තරගයේදි ඔවුන්ගේ උරහිස මත තබා ගනීවි යන්නයි.
කෙසේ නමුත් බංග්ලාදේශ නායකයා පවසන්නේ තම කණ්ඩායමේ සාමාජිකයින් 100%ක් හෙට තරගය වෙනුවෙන් සූදානම්ව ඇති බවටයි.