E-wis මෙරට නිෂ්පාදනය කළ ලැප්ටොප් සිම්බාබේ වෙත අපනයනය කරයි

මෙම ප්‍රමිතීන් තුළින් e wis හ අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව, සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීමද සහතික කර ඇත .මේ හේතුන් නිසාම e wis ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඉතා තරගකාරීත්වයක් දීමට සාර්ථක වී ඇත.

 සිම්බාබුවේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය e wis ජාත්‍යන්තර සළකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නෙ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාවන් ශක්තිමත් කරමිනි.

E wis colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා මෙම අවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස පැවසීය.

මෙම සුවිශේෂී සංධිස්ථානය e wis අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා වෙනවා.  

අපේම දක්ෂතාව හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින් අපනයනය සඳහා උසස් ගුණාත්මක භාවයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙම අවස්ථාව සාක්ෂි දරනවා .දේශීය වෙළඳපොලින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකිවීම පිළිබඳව අපි මහත් ආඩම්බරයට පත් වෙනවා.

image 3 Iri News
image 2 Iri News
image 1 Iri News
image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *