E8 වීසා සදහා අතරමැදි මුදල් ගත් මාෆියාව අවසන් කරයි

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ඒ අනුව මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදුනොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *