පෘථිවියේ දෙවන චන්ද්‍රයා සොයා ගනියි

පෘථිවියේ “දෙවන චන්ද්‍රයා”  ලෙස විද්‍යාඥයන් හඳුන්වන ‘කමෝ‘ඔඇලෙව’ ( Kamo’oalewa) නමැති  ග්‍රහකය – චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක්  බව දැන් තහවුරු කරගෙන ඇත.

පරිගණක ආකෘති භාවිතයෙන් විද්‍යාඥයන් මෙය නිගමනය කර ඇති අතර, එහි මුල් ආරම්භය චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටය ලෙස දැන් හෙළිදරව් වී තිබේ.

‘කමෝ‘ඔඇලෙව’ සූර්යයා වටා කක්ෂගත විය යුතු වුවද එය   පෘථිවිය වටා සමමුහුර්තව කක්ෂගත වන බව හඳුනා ගැනීමත් සමග විද්‍යාඥයින් එය තවත් චන්ද්‍රයෙක් නැතිනම් පෘථිවියේ දෙවැනි සඳ ලෙස නම් කරන්නට යෙදුණි.

පෘථිවියට ආසන්න ග්‍රහක රැසකි.  එයින් එකක් වන ‘කමෝ‘ඔඇලෙව’ Kamo’oalewa –  හඳුනාගන තිබුනේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි  අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර ඇති ප්‍රධාන ග්‍රහක පටියෙන් පැමිණි බවයි. එසේ වුවුද මෙම ග්‍රහකය පැමිණ ඇත්තේ  චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටයෙන් බව Nature Astronomy හි මේ සතියේ පළ වූ පර්යේෂණ  පත්‍රිකාවක සඳහන් වේ.

Kamo'oalewa
පෘථිවියේ දෙවැනි සඳ නම් ලද Kamo’oalewa ග්‍රහකය…

පර්යේෂකයන් පවසන්නේ මීට වසර මිලියනයක් සහ මිලියන 10 කට පෙර සැතපුම් එකක (කිලෝමීටර 1.6 ක්) විශ්කම්භයකින් යුත් ග්‍රහකයක් සඳ මත ගැටීම නිසා  Giordano Bruno ආවාටය සහ අපේ දෙවැනි සඳ   ඇති වූ බවයි.  සැතපුම් 14ක් (කිලෝමීටර් 22ක්) පළලින් යුත් ආවාටයක්, Giordano Bruno ආවාටය සඳ මතුපිට  ඇති විශාල ම සහ තරුණම ආවාටයක් ලෙස සැලකේ.

Kamo’oalewa, 2016 HO3 ලෙසද හැඳින්වේ.  හවායි භාෂාවෙන් “දෝලනය වන ආකාශ වස්තුව” යන අර්ථය ඒ නමට  ඇති අතර ලිබර්ටි ප්‍රතිමාවේ විශාලත්වය තරම්, එනම් අඩි 130 සිට 330 දක්වා (මීටර් 40 සිට 100 දක්වා) අතර  දිගකින් යුක්ත වේ. එය 2016 දී හවායි හි පිහිටි දුරේක්ෂ මාලාවක් වන Pan-STARRS විසින් පෘථිවියට ලඟ ග්‍රහක NEA සෙවීමේ වැඩ සටහන යටතේ සොයා ගැනීමට හැකිවිය.

 දැනට  NEAs හෙවත් පෘථිවියට ලඟ ග්‍රහක 250,000ක් පමණ හමුව ඇත.

SEI 201250531 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *