පාස්කු ප්‍රහාරය 2017 සිට සිදු කළ කුමන්ත්‍රණයක් – මහජන ආරක්ෂක ඇමති දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 වසරේ සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වනවිට විමර්ශන ඔස්සේ අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා අද(09) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුව ලබන 21වැනිදා වන විට වසර 07ක් සම්පූර්ණවන බවයි. මේ සම්බන්ධයෙන් 12වතාවක් පාර්ලිමේන්තුවේ විවාද සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද මේ පවත්වනු ලබන්නේ 13වැනි විවාදය බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ විශාල නඩු ප්‍රමාණයක් විභාගවන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

අධිකරණ ක්‍රියාවලියක් ද මේවෙනුවෙන් සිදුවන බැවින් ඇතැම් කාරණ තමන්ට හෙළි කිරීමට ද මේ මොහොතේ නොහැකි බව කී අමාත්‍යවරයා, මෙය හුදෙකලා තනි සිද්ධියක් නොවන බවත් මෙය සිද්ධි දාමයක් බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *