පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන බලය ලබා ගැනීමට කරන ලද කුමන්ත්‍රණයක් – සමීක්ෂණයක් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණක් පැවති බවට මෙරට සමස්ත ජනගහනයෙන් 53% ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සමීක්ෂණය කර තිබෙන්නේ, සමීක්ෂණයට සහභාගී කර ගන්නා පිරිස් වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ පවතින ප්‍රබල මත තුනක් ඉදිරිපත් කිරීම මගිනි.

ඉන් පළමුවැන්න වන්නේ, පාස්කු ප්‍රහාරය, විදේශීය බලවේග හා එක්ව මෙරට තුළ ක්‍රියාත්මක වූ අන්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට වන මතයයි.

දෙවැන්න, පාස්කු ප්‍රහාරය, දේශීය දේශපාලන බලවේග හා එක්ව කටයුතු කළ අන්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට වන මතයයි.

තෙවැන්න, පාස්කු ප්‍රහාරය සිදු කර තිබෙන්නේ, දේශීය දේශපාලන බලවේග හා විදේශීය දේශපාලන බලවේග යන දෙක සමගම එක්ව කටයුතු කළ දේශීය අන්තවාදී කණ්ඩායමක් විසින් බවයි.

මෙම යෝජනා තුනෙන්, දෙවන හා තෙවන යෝජනාව පිළිගෙන තිබෙන පිරිස 53%කි.

පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේගයක සම්බන්ධයක් නැති බව විශ්වාස කර තිබෙන්නේ ජනගහනයෙන් 8% ක් පමණි.

ජනගහනයෙන් 39% ක්, ඒ සම්බන්ධයෙන් මතයක් නොමැති බව ප්‍රකාශ කර හෝ, මතයක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *