පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තිළිණා වසර 5ක් හුස්ම එක්ක සටන් කරමින් අවසානයේ මිය යයි


2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වසර 5කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නමැති කාන්තාවක්.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් ඇය මෙලස තුවාල ලබා තිබුණා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් තිදරු මවක් වන ඇයගේ එක් පුතෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *