පාස්කු ඝාතකයින් ළඟදීම හෙළිදරව් වෙනවා – කාදිනල් මැල්කම් රංජිත්

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව ටික දිනකින් හෙළිදරව් වන බව සිකුරුයි යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පවසති.

තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවත් පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක් බවත් කාදිනල්තුමා කියයි. “ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි” යනුවෙන් කාදිනල්තුමෝ කියා සිටිති.

මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *