රනිල්ට එරෙහිව පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ අරඹන්න – නිතීපති CIDයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ අනුව, කොමිසම විසින් නම් කර තිබෙන පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ අරඹන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

කොමිසම විසින් වැඩි දුර විමර්ශන සදහා ප්‍රශ්න කළ යුතු පුද්ගලයන් අතරට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාස්කු ප්‍රහාරය සිද්ධවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වන සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන, නන්දන මුණසිංහ, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, වසන්ත වික්‍රමසිංහ, ජී.ඕ. පෙරේරා සහ එම්.ආර්. ලතීෆ් යන අය වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *